කොළඹ නගරය තුළ බෝ වන රෝග ශීඝ්‍රයෙන් පැතිරීමේ අවධානමක් උත්ගතව ඇති බවට  කොළ​ඹ මහ නගර සභාව අනතුරු අඟවනවා.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇති වන මෙම රෝග වලින් ආරක්ෂාවීම සදහා  අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු මාලාවක් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය නිකුත් කර  තිබෙනවා.

ඒ අනුව පහත දක්වා ඇති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙ​ස කොළඹ මහ නගර සභා සීමාවේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින අතර  තමන් සහ තම පවුලේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම නගර වැසියන්ගේ වගකීම වන බව කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් අවධාරනය කරනවා.

1.උතුරුවා නිවා ගත් ජලය පානය කරන්න.

02.පිසූ ආහාර හැකි ඉක්මනින් කෑමට ගන්න.

03.ආහාර පිළියෙල කිරීමට හා ආහාර ගැනීමට පෙර සබන් යොදා අත් සෝදන්න.

04 එළවළු හා පලා වර්ග හොඳින් සෝදා පිළියෙල කරගන්න.

05 ආහාරපාන මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට වසා තබන්න.

06. වැසිකළි යාමෙන් පසු සබන් යොදා අත් සෝදන්න.

07 මළපහ කිරීමට වැසිකිළි භාවිත කරන්න. දරුවන්ගේ මළපහ වැසිකිළියටම දමන්න.

08.වැසිකිළියට සහ නිවසින් පිටතට යාමේදී පාවහන් පාවිච්චි කරන්න.

09.දියර ලෙස මළපහ පිටවූයේ නම් ජීවනී ප්‍රතිකාරය පටන් ගන්න. වමනය පාචනය ඇත්නම් වහාම සෞඛ්‍ය උපදෙස් ලබාගන්න .

10. කුණු කසළ නිසි පරිදි බැහැර කරන්න.

11. ජලයෙන් යටවුණු බිමේ සෙල්ලම් කිරීමෙන් වළකින්න .

12. ජලය නොබසින කාණු පිරිසුදු කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න. මී උණ සඳහා ලබා දී ඇති ඖෂධ නිසි පරිදි ලබා ගන්න ලබාගන්න.

13.මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්න.