ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ මුම්බායි අතර දිනකට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර ගණන 2 දක්වා වැඩි කර ඇත.

මේ අනුව සෑම දිනකම පැය 23:45 ට UL141 සහ පැය 17:10 ට UL143 අංක දරන ගුවන් යානා කොළඹ සිට මුම්බායි දක්වා ද UL142 සහ UL144 අංක දරන ගුවන් යානා මුම්බායි සිට කොළඹ දක්වා ද පිළිවෙලින් පැය 03:10 ට සහ පැය 20:45 ට ක්‍රියාත්මක වේ.

මෙම නව පියවර මගින්, කොළඹ සහ මුම්බායි අතර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාවේ 50% ක වැඩිවීමක් සිදුවනු අතර  මුම්බායි සිට පැමිණෙන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ගුවන් ගමන් හරහා කොළඹ සිට සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, බැංකොක්, ලන්ඩන්, ෆ්රැන්ක්ෆර්ට්, පැරිස්, මෙල්බර්න් සහ සිඩ්නි ඇතුළු ඈත පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ ගමනාන්ත වෙත පහසුවෙන්  ලඟාවීමට අවස්ථාව හිමි වේ.