කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පවසා තිබේ.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද එම උත්සවයට සහභාගී වෙන බවත් වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය)යනුවෙන්  වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට  වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය  අමාත්‍යවරයා සඳහන් කර ඇත.