කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක පමණ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා

අද (23) අලුයම 1ට පමණ කුරුඳුවත්ත පොලීසියට 119 දුරකථන අංකයට ලද පණිවුඩයක් මත ජාතික දන්ත රෝහල අසල දී අදාළ ත්‍රීරෝද රථය සොයා ගෙන තිබුණා

පසුව අදාළ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ සොයා බැලීමේ දී එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට අනාවරණය වී තිබෙනවා

ත්‍රීරෝද රථයේ හිමිකරු පවසා ඇත්තේ එම ත්‍රීරෝද රථය තම මස්සිනා හට හයර් දිවීම සඳහා එය ලබා දී ඇති බවයි

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.