කෝටි 4ක කේරළ ගංජා කිලෝ 87ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (13) අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදාවට ලැබුණු තොරතුරකට අනුව යාපනය සංගුපිඩ්ඩි පාලම අසලදී මෝටර් රථයක් නවතා සිදු කරන ලද පරික්ෂාවකදී එහි සඟවා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 50ක් ප්‍රථමයෙන් සොයාගෙන ඇත.

අනතුරුව පොලීසිය විසින් ඒ පිළිබඳව සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අදාළ කේරළ ගංජා තොගය යාපනය කොඩිකාමම් ප්‍රදේශයෙන් මිලට ගත් බවයි සැකකරුවන් පවසා ඇත්තේ.

එම තොරතුරු වලට අනුව කොඩිකාමම් ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීමේදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 87ක් සොයාගැනීමට පොලීසියට හැකි වී තිබේ.

එහිදී නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගංජා බෙදාහැරීමේ ප්‍රධානියෙකු බවටද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.

මෝටර් රථයේ හිමිකරු සහ අනෙක් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.