ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 05කින් යුත් විස්සයි-20යි ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය අද නම් කර තිබේ. විරාට් කෝලි හා විස්සයි-20 කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා එම සංචිතයට නම් කර නොතිබීම විශේෂත්වයකි.

එම සංචිතයයේ නායකත්වය හර්ඩික් පාන්ඩ්‍යාට හිමිව ඇති අතර, උප නායකයා ලෙස සූර්යකුමාර් යාදව් නම් කර තිබේ. එමෙන්ම පසුගිය අයි.පී.එල්. තරගාවලියේදී දක්ෂතා අතර සිටි යශස්වි ජයිස්වාල් හා තිලක් වර්මා එම සංචිතයට කැඳවා තිබේ. සංජු සැම්සන්ද යළි සංචිතයට කැඳවීමට පියවර ගෙන ඇත.

දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය අගෝස්තු 03වැනිදා ට්‍රිනිඩෑඩ්හිදී ආරම්භ වේ.

ඉන්දියානු සංචිතය:
Ishan Kishan (wk), Shubman Gill, Yashasvi Jaiswal, Tilak Varma, Surya Kumar Yadav (VC), Sanju Samson (wk), Hardik Pandya (C), Axar Patel, Yuzvendra Chahal, Kuldeep Yadav, Ravi Bishnoi, Arshdeep Singh, Umran Malik, Avesh Khan, Mukesh Kumar.