මුලු ලෝකයටම මහත් ඛේදවාචකයක්ව පැවති කොවිඩි වෛරසය චීනය තුල නැවත වරක් හිස වසවමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය මාසයේ චීනයේ කොවිඩි අවදානම 40% කින් ඉහළ ගොස් ඇති බවයි එම මාධ්‍යය සඳහන් කරන්නේ.

ගත වූ මාසය තුළ කොවිඩි රෝගීන් 167 ක් මියගොස් ඇති බවද එරට වාර්තා වල සඳහන් වනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්වය සැලකිල්ලට ගෙන කඩිනමින් කොවිඩ් එන්නත් කරණයට යොමුවෙන ලෙස චීන සෞඛ්‍ය බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.