ගත වූ 2023 වර්ෂයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 120ක පමණ ලාභය​ක් උපයා ඇති බව වාර්තා වේ.

ඉන්ධන පරිභෝජනය 50% පහළ බැස ඇති බවයි පසුගිය දා පිරවුම්හල් හිමියන් ප්‍රකාශ ක​ලේ.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පෙර වසරවලට සාපේක්ෂව ශ්‍රි ලං​කා ඛනිජතෙල් සංස්ථා​ව ලාබ ලබා ඇති බවයි.

මේ අනුව සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ඉදිරියේදී තව තවත් ලාබ ඉපැයීමට සංස්ථාව වෑයම් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, ලං.වි.ම. සියලු ප්‍රසාද දීමනා ඇමැතිවරයා විසින් කප්පාදු කර තිබූ තත්වයක් යටතේ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් දෙසැම්බර් ප්‍රසාද දීමනා ද ලබා ගෙන ඇති බවයි සංස්ථා ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.