හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඊයේ (03) පෙරවරුවේ කැළණිය ප්‍රදේශයේ ගංවතුර නරඹමින් සිටියදී දැඩි ජනතා විරෝධයකට ලක් වූ බව වාර්තා වේ.

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කැළණි ගඟ පිටාර ගලා ගංවතුර ඇති වී තිබුණු අතර සුදු පැහැති වෑන් රථයකින් පැමිණි ශිරන්ති රාජපක්ෂ ගංවතුර නරඹමින් සිට ඇත. පසුව ජනතාව විසින් ඇය හඳුනාගෙන ඇති අතර රටම විනාශ කළ පවුල දැන් ගංවතුර බලන්න ඇවිල්ලා යි කියමින් ජනතාව සිය විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී හිටපු ආර්යාව තමන් පැමිණියේ අවතැන්වූවන්ට ආධාර කිරීමට බව පවසා ඇති අතර දැඩි කෝපයට පත්ව සිටි ජනතාව රට සංවර්ධනය කිරීමේ අපූරුව ගංවතුරෙන් පෙනෙන බව කියමින් කෑකෝ ගසා හූ කියා ඇති අතර තත්වය උණුසුම් වීමත් සමඟ ශිරන්ති රාජපක්ෂ තමන් පැමිණි සුදු පැහැති වෑන් රථයට නැගී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.