ගංවතුර තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා

ඊට ළමුන් 12 දෙනෙකු ද ඇතුළත් බව සදහන්

බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 64න් 11කට බලපා ඇති මෙම ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගයින් ලක්ෂ 06කට ආසන්න පිරිසක් අවතැන්වී ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් පවතින ගංවතුර තත්ත්වය බැස යාමට පටන් ගෙන ඇති අතර පීඩාවට පත්ව ඇති ජනතාව සදහා අවශ්‍ය කඩිනම් සහය ලබා දීමට කටයුතු කරන ලෙස බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් සියලුම අංශ වලින් ඉල්ලා ඇති බව සදහන්