දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 935 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 61 ක් සමගින් මුළු සැකකරුවන් 996 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි

හෙරොයින් 233g 355mg
අයිස් 223g 918mg
ගංජා 04kg 192g
ගංජා පැල 510
මාවා 422g 300 mg
මත්පෙති 366
මදන මෝදක 686g
තුල් 49g 860 mg
ඈෂ් 03 g 621 mg

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 935 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 50 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 23 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 67 ක් සහ වත්කම් විමර්ශනය ආරම්භ කල සැකකරුවන් 09 ක් සිටින බව වැඩිදුරටත් සදහන්.