රුපියල් මිලියනයක කොන්ත්‍රාත්තුවත් මත ගල්කිස්ස, වෙරළ පාර අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ගිනි අවිය ලබා දුන් බව කියන අඹු සැමි යුවළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම යුවළේ සැකකාර පුරුෂයා සන්තකයේ තිබියදී අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ.
මේ සැකකරු දෙහිවල ඕඩියන් හන්දියේදීත් සැකකරුගේ ප්‍රකාශ මත ඔහුගේ බිරිඳ දෙහිවල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
පසුගිය 5 වැනිදා කළ වෙඩි තැබීමෙන් ගල්කිස්ස නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස කොන්ත්‍රාත් පදනම මත සේවය කළ තරුණයෙක් මිය ගොස් තිබුණි.
ඔහු දෙහිවල, ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ප්‍රවීන් නිසංක (19) ක නැමැත්තෙක්.
එම තරුණයාගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවත් එම ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවත් වාර්තා විය.
