නාවලපිටිය ගල්බොඩ ඇල්ලේ මිතුරන් පිරිසක් සමඟ දිය නෑමට ගිය 15 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිතුරන් පිරිසක් සමඟ දුම්රියෙන් ගල්බොඩට පැමිණ ගල්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම විපතට මුහුණ දී ඇත්තේ කඩුගන්නාව පානබොක්ක ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පසිඳු චමෝද් නමැති සිසුවෙකි.

ඔහු නාවලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සඳහන් වේ.