හමාස් සමග ඇති යුද්ධය අවසන් වීමෙන් පසු ගාසා තීරය යටත් කර ගැනීමට, අත්පත් කර ගැනීමට හෝ පාලනය කිරීමට රට උත්සාහ නොකරන බව ඊශ්‍රායලයේ අගමැති Benjamin Netanyahu පවසා ඇත.

සටන්කාමී තර්ජන පැන නැගීම වැලැක්වීම සඳහා අවශ්‍ය නම් විශ්වසනීය බලවේගයක් එම භූමියට ඇතුළු වීමට අවශ්‍ය වනු ඇති බවයි Benjamin Netanyahu එක්සත් ජනපද රූපවාහිනී නාලිකාවකට පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ සිවිල් රජයක් අවශ්‍ය වනු ඇති නමුත් ඊශ්‍රායලය ද එය සහතික කළ යුතු බවය.

හමාස් සංවිධානය මිනිසුන් 1400ක් පමණ ඝාතනය කළ ඔක්තෝබර් 7 වැනිදා එල්ලවූ ප්‍රහාරයක් නැවතත් සිදු නොවනු ඇති බවත් එබැවින් අවශ්‍ය නම් ගාසා තීරයට ඇතුළු වී මිනීමරුවන් මරා දමන විශ්වසනීය බලවේගයක් අප සතුව තිබිය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

ඉන් හමාස් වැනි ආයතනයක් නැවත මතුවීම වළක්වනු ඇති බව ද ඊශ්‍රායලයේ අගමැති Benjamin Netanyahu පවසා තිබේ.