එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළා

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව අත්තනෝමතික ලෙස ගැසට් කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ

කෙසේ වෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ කටයුතු වලට බාධාවක් නොවන පරිදි සිදුකරන බව ද එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කර සිටියා