ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි වලකඩවත්ත, තිබ්බොටුව, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදිවියේ රැදවියකු දිය නාමින් සිටියදි සිහිසුන් ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසනවා.

රථවාහන නඩුවක් සම්බන්දයෙන් රුපියල් 22500ක දඩ මුදලක් නියමවි තිබුණු අතර දඩමුදල් ගෙවිමට නොහැකිවිම හේතුවෙන් ඔහුට
මාසයක කාලයක සිර දඩුවමක් නියමවි තිබු බව පැවසෙයි .

මෙම රැදවියා දියනාමින් සිටියදි සිහිසුන්ව එකවරම ඇද වැටි තිබෙන අතර ඒ සමඟ ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් මෙම රැදවියා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබුනත් රෝහලට ඇතුළත් කිරිමෙන්  පසු  ඔ​හු මියගොස් ඇති බව සදහන්