ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෆා හි පිහිටි “අල් මවාසි” අවතැන් කඳවුරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

ඉන් පුද්ගලයින් 40 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය නිවෙස් අත්හැර පලා ගිය පලස්තීනුවන් මෙම කඳවුරේ රැඳී සිටි බව සදහන්

ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් යානය හමාස් සටන්කාමීන්ට අයත් ඛාන් යුනිස් හි මෙහෙයුම් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ අතර, සිවිල් වැසියන්ට හානි කිරීමේ අවදානම අවම කිරීමට තමන් පියවර ගත් බවයි.

කෙසේවෙතත් ඛාන් යුනිස් නගරයට බටහිර දෙසින් පිහිටි අල්-මාවාසි හි මානුෂීය කලාපයේ අවතැන් වූ පුද්ගලයින් නවාතැන් ගත් කූඩාරම් ඉලක්ක කර ප්‍රහාර තුනක් එල්ල කළ බව එහි සිටි වැසියන් සිදුකළ ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙනවා.