ගාසා තීරයේ කුඩා ළමුන් අතර ඉතා දරුණු චර්ම රෝගයක් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ගාසා තීරයේ මන්දපෝෂණය සහ දුර්වල ජීවන තත්වයන් වල එකතුව ළමුන් අතර සමේ රෝග වර්ධනය වීමට හේතු වන අතර මෙම රෝග වේදනාකාරී පමණක් නොව බරපතල සංකූලතා ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

එම සංවිධානය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පාද සහ දෑත්වල සුදු සහ රතු ලප හටගෙන ඇති බවයි.

මෙම රෝගයට මූලික හේතුව අපිරිසිදු ජීවන රටාවක් වන අතර මේ සමඟ, උණුසුම් කාලගුණය නිසා දහඩිය වැඩි වන අතර කුෂ්ඨ හා අසාත්මිකතා ඇති කරන කුණු එකතු වන අතර, එය සීරීමට ලක් වුවහොත් ආසාදන ඇති වේ.

මන්දපෝෂණයෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වී ඇති නිසා ගාසා හි දරුවන් දැනටමත් රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත්තේ එබැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් ගාසාහි සරණාගත භූමිවල රැඳී සිටින 150,000කට අධික පිරිසකට චර්ම රෝග හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරයි.