අධික වර්ෂාවත් සමඟ ගිං ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ඉදිරි පැය 03 සිට පැය 24ක් දක්වා වු කාලය තුළ බද්දේගම, නියාගම, නෙළුව, තවලම සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වය ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් දැඩි අවදානයකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ එම මාර්ග භාවිත කරන රථ වාහන රියදුරන්ට වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දිමක්  කර ඇත.