අද (05) අළුයම  අකුරණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ, හේතුවෙන් A9 මාර්ගය ද තාවකාලික වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා

කෙසේ වෙතත් අදාළ අවන්හලේ ගෑස් සිලින්ඩර 50ක් පමණ ඇති බවට වාර්තා වන අතර ඒ හේතුවෙන් ගින්න තවදුරටත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.