1998 වසරේ තිරගත වූ උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටය සිංහල සිනමාවේ සාර්ථකම චිත්‍රපටයක් ලෙසයි සැලකෙන්නේ. පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගධර ජැක්සන් ඇන්තනී ඇතුළුව ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූ එම චිත්‍රපටය රසිකයින් අතර ඉතා ජනප්‍රිය වුණා.

එම චිත්‍රපටයෙන් වසර 25කට පසු ගිනි අවි සහ ගිනි කෙළි 2වන චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ කරන ලද අතර එය නම් කර ඇත්තේ ගිනි අවි සහ ගිනි කෙළි: Chapter 2 The Hunt Begins ලෙසිනුයි. අනුර හොරේෂස් විසින් රචිත ගිනි අවි සහ ගිනි කෙළි නවකතාව ඇසුරෙන් නිර්මාණය කරන මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරන්නේ උදයකාන්ත වර්ණසූරිය විසින්. ලකී ඩයස්, රොජර් සෙනෙවිරත්න, පාලිත සිල්වා, ජගත් බෙනරගම, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ධනුක දිල්ෂාන්, ගිහාන් ප්‍රනාන්දු , රත්නා ලාලනී ජයකොඩි ඇතුළු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය 2024 වසරේ තිරගත කිරීමට නියමිතයි.