අද (22) සිට සති දෙකක කාලයක් ගුරු-විදුහල්පතිවරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු සහ විදුහල්පති සංගම් පවසයි.

ඒ අනුව අද සිට පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, තත්ත්ව කව මෙන් ම පුහුණු වැඩසටහන් වලට සහභාගී නොවන බව ඔවුන් පවසයි.

ඉදිරි දෙසතිය තුළ පන්ති කාමර වල ඉගැන්වීමේ කටයුතු වලට පමණක් සම්බන්ධ වන අතර සියලු බාහිර කටයුතු වලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පරාක්‍රම වික්‍රමසිංහ මහතා පැවසුවා

කෙසේ වෙතත් දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සැලසුම්කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය නොදක්වන බව ගුරු-විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළා