ඉන්දියාවේ සිට අද (26) උදෑසන මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළෙ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනා සහ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ භාණ්ඩ සිය භාරයට ගෙන ඇත.

ගෙන ආ භාණ්ඩ අතර විදේශීය මත් පැන්, විවිධ වර්ගයේ දුම්වැටි, ක්‍රීම් වර්ග, වාහන අමතර කොටස් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරු තිබූ බව සඳහන් වේ.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන එම දෙදෙනා සහ නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රේගුවට භාරදී තිබේ.