අද උදෑසන සිදුවූ ගුවන් අනතුරින් මලාවි උප ජනාධිපති Saulos Chilima ඇතුළු ගුවන් යානයේ ගමන් කළ තවත් 9 දෙනෙක් මිය ගොස්  තිබෙනවා

එරට ජනාධිපති කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා

මලාවි ජනපතිවරයා  ගුවන් අනතුරින් දිවි අහිමි වූ මලාවි උප ජනාධිපති ඇතුළු අනෙක් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ශෝකය පළ කර තිබෙන අතර අවමංගල්‍ය තෙක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

ඒත් සමගම  රජයේ කාර්යයාල වල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසත් මලාවි ජනප​ති උපදෙස් දී තිබෙනවා.