සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින්  පත් කර තිබේ .

නව පත්වීම ලද ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත 12/11 දින පැමිණ ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මැද සිය ධුරයෙහි වැඩ භාර ගෙන ඇත.

මෙම අවස්ථාවට ඒ මහතාගේ බිරිඳ , දූ දරුවන් සහ ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන් , නියෝජ්‍ය ප්‍රධානීන් පැමිණ සහභාගී වී ඇත.