ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා ඇත.

මීරිගම, හන්දුරුමුල්ල ප්‍රදේශයෙන් එම මදුරු විශේෂය සොයාගත් බව  කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ කීට විද්‍යා නිලධාරි ගයාන් ශ්‍රී කුමාරසිංහ සඳහන් කර තිබේ.

ඒ සමගම මෙරටින් හඳුනාගෙන ඇති මඳුරු විශේෂ සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ යන බව ද පවසා ඇත.