පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට අගමැතිධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බවත් පොදුජන පෙරමුණේ පිරිසක් තමාට එහිදී එම අවස්ථාව අහිමි කළ බවත් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ කියා සිටියා .

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් එක හඩින් මාත් එක්ක ඉන්නවා .පහුගිය කාලයේ තිබුණු ගැටුම් නිසා බොහෝ අය පක්ෂය අතහැරලා හිටියා . ඒ ඈත් වෙලා හිටිය බොහෝ දෙනා අපිත් එක්ක ආපහු එකතු වෙලා ඉන්නවා . ඊටත් වැඩිය මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය එක්ක සබදතා නොපවත්වපු බොහෝ දෙනාත් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා. පොහොට්ටුවට දිට්ඨදම්මවේදනීය කර්මය පල දුන්නා. මේ රටේ අරගලය තිබුණ වෙලාවේ මේ රට සන්සුන් කරලා මේ රට ගොඩනැගීම සඳහා 2022 මැයි මාසේ 12 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණයක් අරන් මට දැනුම් දුන්නා ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර භාරගන්න කියලා. ඒක දැනගත්තාට පස්සේ පොහොට්ටුවේ අය කලබල වෙලා ඉක්මනට රනිල් වික්‍රමසිංහ මහත්මයාව ගෙනල්ලා බලපෑම් කරලා, ජනාධිපතිවරයාට සිද්ධ වුණා අග්‍රාමාත්‍යකම දෙන්න.”