ජාතික බර ඉසිලීමේ ශූරතාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ චතුරිකා ප්‍රියන්ති නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබේ.

චතුරිකා ජාතික බර ඉසිලීමේ ශූරතාවේදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 90ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 113ක බරක් ඔසවා ඇති අතර, එය ස්නැච් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එසවූ වැඩිම බර ලෙස වාර්තා විය. ඒ අනුව ඇය කිලෝග්‍රෑම් 87 බර පංතියේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ සමස්ත බර කිලෝග්‍රෑම් 203ක බරක් ඔසවමිනි.