පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ‘චැනල් 4’ නාලිකාවේ හෙළිදරව්ව තවදුරටත් සොයාබැලීමට රජයෙන් සහයෝගය ලබා දීමට සූදානම් බව ඇමැති මනූෂ නානායක්කාර අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම “චැනල් 4 හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (04) පැවති කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා කල බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ පැවැත්වේ නම් ඒ සඳහා රජයේ සහයෝගය ලබාදීම​ට සූදානම්” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.