චීනයෙන් මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් හඳුනාගෙන තිබෙනවා.

මෙම වෛරසය කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන අතර එය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙස විද්‍යාඥයින් විසින් නම්කර තිබෙනවා

චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබුණා.

විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා සම්බන්ධ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.