චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400කට ආසන්න වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබේ.
ඒ, පසුගිය දිනවල මෙරට තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙනි.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පසුගිය 22 වනදා ද චීන රජය රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කළේය.
මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ එම මුදල් ආධාරයට අමතරව මෙම ආධාරය ලබාදුන් බවය.