චීනයේ නව වසංගතයක් පැතිර යාම පිළිබඳව සමාජ මාධ්‍යයේ ඉදිරිපත් වන තොරතුරු පිලිපීනයේ චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරනවා.
පිලිපීන චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ අධ්යක්ෂ Tom Wu පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ, සංසරණය වන ප්‍රකාශ “ව්‍යාජ ප්රවෘත්ති” ලෙසයි.
මේ අතර චීනයේ නව වසංගතයක් පැතිර යන බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් තහවුරු කර නොමැති බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DOH) පවසනවා.
පසුගිය බ්‍රහස්පතින්දා, ශ්වසන රෝගවල “අතිමහත් වැඩිවීමක්” හේතුවෙන් චීනය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීමට පටන් ගත්තා.
චීනයේ ඇතැයි කියනු ලබන වසංගතය පිළිබඳ වැරදි තොරතුරු බෙදා නොගන්නා ලෙසයි චීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DOH) මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඉන්ෆ්ලුවෙන්සා A, HMPV, මයිකොප්ලාස්මා නියුමෝනියාව සහ කොවිඩ්-19 වැනි “බහු වෛරස්” වේගයෙන් ව්‍යාප්ත වන බව පවසමින් සමහර පරිශීලකයින් ජනාකීර්ණ රෝහල් පෙන්වන වීඩියෝ හුවමාරු කරගන්නා අතර බීජිං හෝ WHO වාර්තා තහවුරු කර නොමැති බවයි DOH පවසන්නේ.
රටේ රෝග නිරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක වන බවත් සියලු තොරතුරු සත්‍යාපනය කරන බවත් චීනයේ ඇතැයි කියනු ලබන වසංගතය පිළිබඳ වැරදි තොරතුරු බෙදා නොගන්නා ලෙසත් චීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ නමුත්, චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
මාස අටක දරුවෙකු සහ මාස තුනක දරුවෙකු මෙම HMPV වෛරසයට භාජනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
HMPV රෝග ලක්ෂණ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වෙන අතර කැස්ස, කිවිසුම් යාම හෝ පෞද්ගලික සම්බන්ධතා මගින් ආසාදිත පුද්ගලයෙකුගෙන් අන් අයට එය පැතිර යා හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
සමාජ මාධ්‍ය පළ කිරීම්වලට අනුව, ඉන්ෆ්ලුවෙන්සා A, HMPV, මයිකොප්ලාස්මා, නියුමෝනියාව සහ COVID-19 ඇතුළු බහු වෛරස් මේ වනවිට චීනයේ සංසරණය වෙමින් පවතිනවා.
සමාජ මාධ්‍යවල වීඩියෝ සහ සටහන් කිහිපයකින් පෙනී යන්නේ චීනයේ රෝහල් ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ගෙන් පිරී ඇති බවයි.
2001 දී ප්‍රථම වරට හඳුනාගත් HMPV යනු උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන ශ්වසන ආසාදනයක්.
එය සියලුම වයස්වල පුද්ගලයින්ට බලපෑ හැකි අතර, කුඩා දරුවන් (අවුරුදු 5 ට අඩු), වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට වැඩි අවදානමක් ඇති බවයි වාර්තා වෙන්නේ.
කැස්ස, උණ, නාසයේ තදබදය, හුස්ම හිරවීම සහ උගුරේ අමාරුව HMPV හි රෝග ලක්ෂණ කිහිපයක්.
මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණය වී දින තුනක් හෝ හයකට පසුව ඇතිවෙයි.
HMPV එය ඇති කෙනෙකු සමඟ සෘජු සම්බන්ධතා හරහා පැතිරෙන අතර ස්පර්ශ කිරීම, කැස්ස, කිවිසුම් යාම සහ අතට අත දීම මගින් වෛරසය පැතිර යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.
රෝග ලක්ෂණ නරක අතට හැරේ නම්, කෙනෙකුට දරුණු කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකි අතර එවැනි අවස්ථාවන්හිදී, වහාම වෛද්‍ය ආධාර ලබා ගැනීම ඉතා වැදගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
HMPV වැළැක්වීම සඳහා උපදෙස් ලෙස,
අවම වශයෙන් තත්පර 20ක් සබන් ගා වතුරෙන් අත් සේදීම
සෝදා නොගත් දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීමආදිය පෙන්වා දිය හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.