නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ තායි’ආන් නගරයේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් පස් දෙනෙක් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

අනතුරින් තවත් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අදාළ බස් රථය පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ එකක් බව සඳහන්.

අනතුරට හේතුව් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.