චීන අගමැති Li Qiang නවසීලන්තයේ නිල සංචරයකට පැමිණ තිබෙනවා

නවසීලන්තයේ වෙලින්ටන් අගනුවරදී සම්ප්‍රදායික ආදිවාසී මාඕරි උත්සවයකින් චීන අගමැතිව මහත් හරසරින් පිළිගෙන ඇති අතර වසර හතකට පසු චීනයේ ඉහළම මට්ටමේ නිල​ධාරියෙක් මෙලෙස නවසීලන්ත සංචාරයකට එක්ව ඇති බව  වාර්තා වේ

චීන අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් සහ ආණ්ඩුකාරවරයා සහභාගී වී ඇති බවද සදහන්

දෙරටේ නායකයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ සහයෝගීතාවය ඉහළ නැංවීමට අද දිනයේ ​සා​කච්ඡා පවත්වන බවද සදහන්

ජාත්‍යන්තර තත්ත්වය සංකීර්ණ වෙනස්කම්වලට භාජනය වෙමින් පවතින පසුබිමක චීනය සහ නවසීලන්තය ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන බව චීන අගමැති පවසා තිබෙනවා.

මීට පෙර චීනය සම්බන්ධයෙන් වඩාත් මධ්‍යස්ථ මතයක් දරා සිටි නවසීලන්තය, නව අගමැති Christopher Luxon සමග චීනය සමඟ ඇති සබඳතාව වෙනස් කරමින් පවතින බවයි විචාරකයන් පවසන්නේ.