ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් චිනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට පත් වූ බවයි

ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද(07) උදෑසන පෙ.ව. 11.25 ට පමණ චීන වරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය පෙ.ව. 11.27ට පමණ ගුවන් හමුදා චිනවරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නෙ.

අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් මේ වනවිටත් පත්කර ඇති අතර විමර්ෂකයින් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.