ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට එළැඹි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

එහි දැක්වෙන්නේ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සහ ප්‍රධාන කොන්දේසි සම්බන්ධයෙන් අදාළ එකඟතාවයට එළැඹි බවය.

අදාළ එකඟතාවය යටතේ එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඩොලර් බිලියන 4.2ක් පමණ ආවරණය වන බව මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත.

මෙමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරත්වය ඇතිකර ගැනීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමටත් හැකිවන බව මුදල් අමාත්‍යංශය පවසා තිබේ.