සමාජ මාධ්‍ය තුළ මීම් රුවක් ලෙස වඩාත් ප්‍රකටව සිටි චීම්ස් නම් සුනඛ සුරතලා මියගොස් ඇති බව වාර්තා වේ.

බැල්ස්ට්ස් ලෙසින් ද ප්‍රකට අවුරුදු 12ක් වයසැති චිම්ස් නම් ලොවක් ආදරයෙන් වැලඳගත් සුනඛ සුරතලා මියගොස් තිබුණේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

ෂීබා ඉනූ නම් සුනඛ වර්ගයට අයත් චීම්ස්ගේ මීම් රුවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළමුව ජනප්‍රිය වූයේ 2013 වසරේ දී පමණය. ඉන් පසු ලොව වටා මිනිසුන් සියදහස් ගණනක් ආදරයෙ වැලඳගත් මෙම සුරතලා මියගොස් ඇත්තේ සැත්කමක් අතරතුර බවයි වාර්තා වනුයේ.