ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති ගරුක දේශපාලන පක්ෂයක් බවත් සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛස්ථානයක් ලැබෙන නැගෙනහිර පළාතේ සංචාරක කේන්ද්‍රස්ථානයක් සංවර්ධනය කළ බවත් ජනපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසා සිටියා.

ඔහු මෙම අදහස් පළකළේ මූතුර් ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

“අපි පැහැදිලිවම ප්‍රතිපත්ති ගරුක දේශපාලන පක්ෂයක්. එදා මේ නැගෙනහිර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තාවදයට කොටුවෙලා, අනාගතය පිළිබඳ බලාපොරොත්තු රහිතව වැඩිහිටියෝ ජීවත් වුණේ. නිදහස ලබාදුන්නා පමණක් නෙමෙයි අද නාවික, ගුවන් කෙන්ද්‍රස්ථානයක් බවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, සේරුවාවිල පරිවර්ථනය වෙමින් පවතිනවා. අනෙක් පැත්තෙන් සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛස්ථානයක් ලැබෙන නැගෙනහිර පළාතේ සංචාරක කේන්ද්‍රස්ථානයක් විදියට මේ ප්‍රදේශය සංවර්ධනය කළා. අපිට ඒ සැලැස්ම තිබුණා. මම නිර්මාණය කරන රාජ්‍ය තුළ සංචාරක ව්‍යාපාරය කේන්ද්‍රකර ගෙන ත්‍රිකුණාමල වරයා කේන්ද්‍ර කරගෙන සංචාරක නෞකා රැගෙන එන මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පරිවර්ථනය කරන්න. සියලු සංස්කෘතීන් ආරක්ෂා කරන ගමන් තරුණයින් අපේක්ෂා කරන අනාගතයක් ගොඩනගන්න අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු අපි ගන්නවා.”