ජනතාවට හිතවාදී අය-වැයක් සකස් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග රජය සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මෙ බව පැවසුවේ රත්නපුර පැවති ජන හමුවක් අමතමිනි.
ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ආර්ථික විශේෂඥයන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්සත් ජනපදයට මේ වන විට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා කියයි.
ඔහු පැවැසුවේ, ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගත් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව අතහරිනු ඇති බවත් ඩොලරය රුපියල් හාරසියය ඉක්මවනු ඇති බවත් යන්නෙන් බොහෝ අය පුරෝකථනය කළ නමුත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රටට, ජනතාවට යහපත් ආකාරයට සාකච්ඡා සිදු කරමින් යන සේම ඩොලරය ද රුපියල් 300ට අඩුවෙන් පවත්වා ගෙන යෑමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ය.
ඒ අනුව, ජනතාවට යහපත් අය-වැයක් සැකසීම වෙනුවෙන් සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන බව ජනාධිපතිවරයා පවසා සිටියේය.