අද (27) සිට ජනාධිපති මන්දිරය අසළ ඇති ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව මෙම මාර්ගය විවෘත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා සිටින්නේ .

ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව හේතුවෙන් මීට පෙර මෙම මාර්ග දෙක වාහන ගමනාගමනය සඳහා මහජනතාවට විවෘත කෙරුණේ නැහැ.