මෙවර ජනපති අපේක්ෂක ,ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතීය ඉදිරියට පමුනුවන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තොරතුරු වසංකර 2007 වසරේ සිට රාජ්‍ය දේපල අවභාවිතාකරන බවට චෝදනා කරමින් මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය වෙනුවෙන් දර්ශන තන්ත්‍රි ගේ ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා

අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය දේපල අවභාවිත කරන බවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා විසින් පිළිගෙන ඇති බවත් දීර්ඝ කාලයක් තිස්සේ කරන මේ අවභාවිතාව නිසා පොදු දේපල පනත යටතේ අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ද එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා