ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදැක්වූවා.

එම උත්සවය අද (02) පෙරවරු 10.00ට කොළඹ අයි.ටී.සී රත්නදීප හෝටලයේදි පැවැත්විණි

එම ප්‍රතිපත්ති ප්‍රකාශය ‘නාමල් දැක්ම’ නමින් නම් කර තිබෙනවා.

“ප්‍රතිපත්තිමය ඉලක්ක සහ නව්‍යකරණ වැඩපිළිවෙල” ලෙස හඳුන්වා දී ඇති මෙම ප්‍රතිපත්තිමය වැඩපිළවෙළ 2025-2035 දස අවුරුදු වැඩපිළිවෙළකින් යුක්තයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය 30 වැනිදා සුභ මොහොතින් පිළිගැන්වුණා.