ඊයේ (02) සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශන වල සඳහන් කර ඇති ඇතැම් වත්කම් පිළිබඳ පරස්පර විරෝධීතාවයක් ඇති බවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මහ පොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන වෙනුවෙන් සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඔහු පවසන්නේ නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශවල පිළිගත නොහැකි ගැටලු ඇති බවයි.
එමෙන්ම, ඔහු වත්කම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී නොමැති බවට පැමිණිල්ල ඉදිරිපත් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසනවා.
