ජනාධිප​ති රනිල් වික්‍රමසිංහ අද (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පළාතේ සංචාරයක නිරත වේ

එ​ම සංචාරය අතරතුර යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන්, සර්ව ආගමික නායකයන්, කෘෂිකාර්මික, ධීවර සහ දූපත්වාසී ජනතාව, තරුණ ප්‍රජාව, වෘත්තිකයන් සහ ගුරුභවතුන් හමුවීමත් මහජන හමුවකට සහභාගි වීමත් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් යාපනයේ සහ වවුනියාවේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමක් පැවැත්වීම​ද පුනරීන් නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට ද ලබන 5 වැනිදා සහාභාගි වන බව සඳහන් වේ. තව​ද ​එදිනම පුනරීන්හි කාන්තා ව්‍යවසායක කජු කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීමත් පුනරින් ලන්දේසි බලකොටුව නිරීක්ෂණය කිරීමත් සිදු කරන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මෙම සංචාරය සඳහා ජල සම්පාදන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රමුඛ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද සහභාගි වන බව වාර්තා වේ.