ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට තමන්ට නීති උපදෙස් ලැබී ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසා සිටිනවා

මේ හේතුවෙන් තමන් මෙම කටයුතු වලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ද ජනාධිපතිවරයා විසින් කතානායක වෙත දැනුම් දී තිබෙනවා.

වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කිරීම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදුකළ යුතු බවත්, ජනාධිපතිවරයාගේ නිර්දේශයට අනුමැතිය ලබා දීමේ බලය සහිත ව්‍යවස්ථා දායක සභාවට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමේ බලයක් නැති බවත් ඊයේ පාර්ලිමේන්තුව තුළ දී පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් විය.

කෙසේ නමුත් පොලිස්පති පත්කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට අද ව්‍යවස්ථාදායක සභාව රැස් වීමට නියමිතයි