දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යාකොබ් හමුවී තිබේ.

අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූ, ආරක්ෂක අමාත්‍ය නං එං හෙන් ඇතුලු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟද ජනාධිපතිවරයා ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සිංගප්පූරු සංචාරයට එක වී තිබේ.