සීයට පනහා ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙක් අසමත් වූ බැවින් දෙවන මනාපය සහ තෙවන මනාපය ගණන් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටිනවා.

ඒ අනුව දැනට වැඩිම මනාප ලබාගත් අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අපේක්ෂකයන් දෙපළ අතර ජනපති සටන තවදුරටත් පැවැත්වෙන බව එතුමා වැඩිදුරටත් සදහන් කර සිටියා.