ගොවීන් සහ ධීවරයන් සඳහා පොහොර හා ඉන්ධන සහනාධාර ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා.

මැතිවරණ කොමිසම පවසන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවන් සහනාධාර ලබා දීමට දීමේදී අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි.

ඒ අනුව අදාළ ප්‍රතිපත්තිමය තීන්දු මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ගොවීන් සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරයක් හා ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබුනා.

මෙම සහනාධාර ලබා දීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර මෙම යෝජනාවන් දෙකම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය අතරතුර පෙරාතුවට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබූ නමුත් එවරද මැතිවරණ කොමිසම විසින් එය අත්හිටුවිය.