මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 32කු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

පිළිගත් දේශපාලන පක්ෂ 16ක්, ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 15 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.

අද (13) දිනයේ ද තවත් පිරිසක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අනිද්දා (15) පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර පෙරවරු 11 දක්වා එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

නාමයෝජනා භාරගැනීමේ දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.