අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතිකයක් ලබා දී තිබෙනවා

ඊයේ (22) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා

එහිදී වසර දෙකක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබෙනවා

ජනාධිපතිවරණය කල් දැමීමට තමන් උත්සහ දරණ බවට විපක්ෂය කුමන මත පළකළ ද අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන අතර මේ වසර තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබෙනවා